Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

සහජීවනය ගැන කතා කළ මව්ලවි ඥානසාර හිමිගේ සාක්ෂිදීම පටිගත කර හසුවෙයි

4918Views

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ සාක්ෂිදුන් අවස්ථාවේදී ඒය රහසිගතව පටිගතකළ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම් එම්.එම්.එම්.මුර්ෂිද් මව්ලවිවරයාට සහ ඔහුට සහාය දුන් නීතීඥවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කෙරුණා.

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම අද රැස්වූ අවස්ථාවේදී ඒම කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට මීට අදාළ නියෝගය ලබාදුන්නා. ඒ අනුව අදාළ මව්ලවිවරයාට සහ නීතීඥවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා ලෙසයි සභාපතිවරයා නියෝග කර සිටියේ.

අදාළ නීතීඥවරයා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විනය කමිටුවට දන්වන ලෙසද සභාපති විනිසුරුවරයා නියෝග කළා.

ඒමෙන්ම සභාපති විනිසුරුවරයා අද දිනයේ කොමිසම හමුවේ රැදී සිටි නීතීඥවරුන්ට ද අවවාද කරමින් කියා සිටියේ තම අනාගතය පිළිබද සිතාබලා සෑම විටම නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි.