Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

වනාතවිල්ලුව අක්කර 29 තිබූ ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට මාසයක් කල්දෙයි

1343Views

ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති  සංස්ථාවට අයත්  භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා අද  ( 14 ) දින පැවසිය .

ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කිරිමට බැලිම සදහා පැමිණි  අවස්ථාවේදිය .

එහිදි වැඩිදුරටත් ඇමතිවරයා පවසා සිටියේ ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වි දණ්ඩ නිති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසිමට කටයුතු කලා සේ සලකා  අදාල නීති ගෙන ඒමට බලාපොරෝත්තු වන බවයි .

වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා සමග වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්  ඩබ්ලියු .ඒ.සි වෙරගොඩ , වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම් .ජී.සී.සුරියබංඩාර ,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ , පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ,පුත්තලම පොලිස් අධිකාරි ජයමහ , වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, හා සිමෙන්ති  සංස්ථා සභාපති ගාමිණි ඒකනායක හා සිමෙන්ති සමාගමේන් මේ වනවිට මෙම භුමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් හා තවත්  නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්වි තිබුනී.

අදාල වන විනාශය සිදුව තිබු ස්ථානයට පැමිනි ඇමතිවරයා මෙහිදි පවසාසිටියේ මෙම වන විනාශය සිදුව ඇති ස්ථානය වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත් එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200කට ආසන්න භුමියේ කොටසක් බවයි.

එය සිමෙන්ති සංස්ථාව විසින් සොයා බලා නැති බවත් ඒ හේතුවෙන් මෙම විනාශය සිදුව ඇති බව ඇමතිවරයා තරයේ පවසන්නට විය .

මෙහිදි මෙම ස්ථානයේ සිටි ඉහල පොලිස් නිලධාරින් විසින් මෙම ස්ථානයේ සිදුව ඇති වන විනාශය සුළු සිද්ධියක් ලෙස දක්වමින් ඇමතිවරයා නොමගහැරිමට ගන්නා උත්සහයද දැක ගත හැකි විනි .

එහිදි ඇමතිවරයා පවසා සිටියේ සුළු උවත් විශාල උවත් මෙම සිද්ධිය බරපතල කරුණක් බවයි .

එහිදි ඇමතිවරයා මාධ්‍යවේදින් පවසා සිටියේ මෙම ස්ථානයේ අක්කර 100 , 200 විනාශ වි ඇති බව පලවුවද එහි විනාශ කර ඇත්තේ අක්කර 29ක් පමන බවයි.

මෙහිදි වැඩිදුරටත් ඇමතිවරයා පවසා සිටියේ මෙම සිද්ධියට සෙසු සිදුවිම් සේම ඒ සදහා සම්බන්ධ පිරිස් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබා දි ඇති බවයි .

ඒ සමගම ඇමතිවරයා පවසා සිටියේ මෙම භුමිය නැවත ආරක්ෂා කිරිමටත් එය නිල හරිත වන අයුරින් සකස් කිරිම මාසයක් ඇතුලත ආරම්භ කිරිම කල යුතු බවයි .

ඒ සදහා සිමේන්ති සංස්ථාව විසින් ක්‍රියාත්මක කල යුතු බව දැඩි ලෙස ඇමතිවරයා පවසන්නට විය .

මෙම වන විනාශය සිදුව ඇති  ස්ථානයේ ඇමතිවරයා රැදි සිටියදී එම ස්ථානයට පැමිනි පිරිසක් පවසා සිටියේ තමන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රදේශයේ වසර 14ක සිට මේ ආසන්නයේ වගාකටයුතු අරඹා ඇති බවත් එවකට කිසිදු ආයතනයක් එම භුමි සදහා අයිතියක් නොකිවු බවයි .

ඒ හේතුවෙන් තමන් පොල් ඇතුළු භෝග වගාවන් කරමින්  ඉඩම් සකසා ඇති බවත් තමන්ට මේ නිසා මහත් අසාධාරණටයක් වි ඇති නිසා ඒ සදහා සහනයක් ලබා දෙන ලෙස පවසන්නට විය .

එම ස්ථානයේ සිටි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුනසිංහ මහතා  ඇමතිවරයාට පවසා සිටියේ ජනතාව කොමඩු සිටුවිමට මෙසේ කැලැ එළි පෙහෙලි කරන්නට ඇති බවයි.

කෙසේ නමුත් සියලු කාරණා පිලිබදව නිසි අවධානය යොමු කරන බව පවසමින් ඇමතිවරයා පිටව යාම සිදුවිනි.