Saturday, September 19, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස්ගේ ඉල්ලීම රජය ඉවත දමයි

572Views

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් කළ ප‍්‍රකාශය රජය එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මෙම සංශෝධනය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහෙන බව ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

45 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ඇය පැවසුවේ 20 වැනි සංශෝධනයට තමා එරෙහි බවයි. ශී‍්‍ර ලංකා ස්වෛරී රටක් අපට උපදෙස් දීමට ඇයට හිමිකමක් නැත යයි රජයේ එම ආරංචි මාර්ග පළ කළේය.

මෙම සංශෝධනයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැඩි බලපෑම් එල්ල කර තිබේ.