Saturday, September 19, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ශ‍්‍රී ලංකා කෝපි වලට ජපානයෙන් විශාල ඉල්ලූමක්

962Views

ජපානයෙන් ශ‍්‍රී ලංකා කෝපිවලට විශාල ඉල්ලූමක් තිබෙන නිසා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කෝපි වගා කිරීමේ ගම්මාන ආරම්භ කළ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  ඊයේ (16 දා) පැවසීය.

නුවරඑළිය වැනි උස් කඳු පරිසරයක වැවෙන මෙම කෝපි වර්ගය අපනයනයෙන් දැනටත් විශාල ආදායමක් ලැබෙන බව කී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නුවරඑළියේ ග‍්‍රාම සේවක වසම් 317 ක් මෙම කෝපි වගා සඳහා දැනටමත් තෝරාගෙන තිබෙන අතර මෙම කෝපි වගා

ගම්මාන අපනයන ගම්මාන වශයෙන් හැඳින්විය හැකි යැයි ද කීවේය. මෙම කෝපි වර්ගයට ජපානය දක්වන දැඩි උනන්දුව සෙසු රටවලත් ජනප‍්‍රිය කරවීමට හැකිවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම කෝපි වගාකරුවන්ට හැකි සෑම සහයෝගයක් ලබාදීමට සූදානම් යැයි කී බන්දුල ගුණවර්ධන මහතා මෙම කෝපි වගාව සරු වුවහොත් මෙම අපනයන ආදායම තුන් හතර ගුණයකින් වැඩිවිය හැකි යැයි ද සඳහන් කළේය. මෙතෙක් ශ‍්‍රී ලංකා තේවලට ප‍්‍රසිද්ධ වී තිබෙන අපේ රට ඉදිරි කාලයේදී තේ සහ කෝපි සම්බන්ධයෙන් ද ලොව පුරා ජනප‍්‍රිය වනු ඇතැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.