Saturday, September 19, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පොඩි ලැසිට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව මෙන්න

838Views

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා (17) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  මෙම මස 25 වැනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා වන අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරින් විසින්  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරණු ලැබිය