Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

මගේ හොදම මිතුරාගේ සොදුරැ කැදැල්ල සුනු විසුනු විය - බූවැලිකඩ අනතුරින් මියගිය තරුණයාගේ හොඳම මිතුරා මුහුණුපොතේ දැමූ සටහන

3859Views

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර , බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩා වැටීමට හේතුව සොයාගෙන තිබෙනවා.

මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසන්නේ අදාළ නිම්නාකාර ප්‍රදේශයේ ලිහිල් පාංශු ස්ථර මත එම පස් මහල් නිවස ඉදිකර ඇති බවයි.

එහි බර දරාගත නොහැකිවීම ගිලා බැසීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කරනවා

පවතින තත්ත්වය යටතේ එම ස්ථානය ආශ්‍රිතව පවතින පවුල් 4 ක් තාවකාලිකව ඉවත් කර ඇති බවද භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසන අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ එම පස්මහල් නිවස ගිලා බැසීමට භු කම්පන තත්ත්වයක් හේතු වී නොමැති බවයි.

එමෙන්ම ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැළපෙන ඉදිකිරීමද මෙම ගිලාබැසීමට හේතු වී ඇති බවද සඳහන්.

මේ අතර පුද්ගලයාගේ මිතුරෙකු ෆේස්බුක් සමාජ ජාලය වෙත මුදාහැරී සටහනක් මේ වන විට කතාබහට ලක්වෙමින් තිබෙනවා.එම සටහන පහතින්..

මනුස්සකමක් නැති අසල්වාසීන්ගේ කුහකත්වය නිසා අද මගේ හොදම මිතුරාගේ සොදුරැ කැදැල්ල සුනු විසුනු විය.....

මහනුවර හිටපු බස්නායක නිලමේ වරයෙක් වන ලෙවුකේ බන්ඩාර නැමැත්තාගේ පස්මහල් ගොඩනැගිල්ල අද අළුයම කඩාවැටීමෙන් අසල නිවසේ නිදාසිටි මගේ හොදම මිතුරා, බිරිද හා
මාස එකහාමාරක් වයසැති බිළිදියට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.

තම නිවස කඩාවැටීමට පෙර තමන්ගේ බඩුභාහිරාදිය,රථවාහන හා බල්ලන් ඉවත්කරගන්නට සිහියක් වු මොවුනට තම නිවස කඩාවැටීමෙන් හානිට පතවියහැකි අසල්වාසීන් දැනුත් කිරීමට තරම් මනුස්සකමක් නොවීය...

ඇලිසහිත භූමියක අනවසර ⁣ලෙස කිසිදු : ප්‍රමිතියකින් තොරව සාදා ඇති මෙම ඉදිකිරීම සදහා අවසරය ලබාදුන් ;

මනුවර මහනගරසභාව
ඉදිකිරීම් ආයතන
භූවිද්‍ය සමීක්ෂණ ආයතන හා
මෙ⁣ම නිවෙස් හිමියන් මෙම ව්‍යසනය සදහා සෘජුව ම වගකිවයුතුය....

සල්ලි වලට , බලපුළුවන්කාරකම් වලට හිතවත් කම්ලට මෙ⁣ම සිදුවීම යටගැසීමට ඉඩ නොදෙමු....

කුහක මිනිසුන්ට මනුෂ්‍යත්වයේ පාඩම් කියාදීමට කාලය එළඹ ඇත..

ධනුෂ්ක අරවින්ද ......

(උපුටා ගැනීම)