Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

කොරෝනා පාලනය කළ ලොව හොදම රටවල් අතුරින් 2 තැන ශ්‍රීලංකාවට

6734Views

කොරෝනා වසංගතය පාලනය කල හොදම රටවල් අතුරින් ශ්‍රීලංකාවට ලෝකයෙන්ම දෙවන ස්ථානය හිමිව තිබේ.

සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක් අතුරින් සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වෙයි.

බ්‍රසීලය හා එක්සත් ජනපදය යන කොවිඩ් හේතුවෙන් දරුණු අයුරුන් බැට කන රටවල් දෙක මෙම ශ්‍රේණිගත පිළිවෙලින් 89 වන සහ 98 වන ස්ථාන වල සිටී.

දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමිකර ගෙන ඇති අතර දර්ශකයේ පළමු ස්ථාන 10 එනම් Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 10 හා ලබාගත් සමස්ත ලකුණු මෙසේය.

1. චීනය - 68.1
2. ශ්‍රී ලංකාව - 59.2
3. ඝානාව - 58.8
4. දකුණු කොරියාව - 57.6
5. මියන්මාරය - 56.3
6. ඕස්ට්‍රේලියාව - 55.6
7. තායිලන්තය - 55.4
8. නවසීලන්තය - 55.1
9. වියට්නාමය - 54.0
10. කාම්බෝජය - 53.7