Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

හැමෝම හොයන සතුට 'සතුටින් ඔබ්බට' 

3070Views

හැම දෙනෙක්ම සොයමින් යන්නේ 'සතුට' යි. ඔබේ ජීවිතයට වඩාත්ම අව්‍යශ වන්නේ කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් "සතුටින් ජීවත්වීමයි" යනුවෙන් ඔබ පිළිතුරු දෙනවා ඇත.

නමුත් ඔබේ ජීවිතය තුළ සතුට රඳා පවතින්නේ කෙසේද?

සමාජයේ ඉතා සියුම් කරුණු කාරණා රැගෙන ධනාත්මක චින්තනය ඔස්සේ 'සතුටින් ඔබ්බට' කෘතිය තුළින් පැහැදිළි කෙරෙන්නේ ඒ පිළිබඳවය.

සරලව සහ විස්තරාත්මක මෙන්ම වඩාත් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි කරුණු කාරණා රැසක් හෙළි කර දෙන්නට මෙම කෘතිය සමත් වී තිබේ.

ඔබ සිතා සිටින්නේ ඔබේ සතුට රඳා පවතින්නේ ඔබට ලැබෙන මුදල, තත්ත්වය හෝ බලය මත කියාය. එසේ නැතිනම් අනෙක් අයගේ ක්‍රියාකාරකම් මත කියාය. එනම් ඔබ ආදරය කරන අය, ඔබේ අසල්වැසියන්, නෑදෑ හිතවතුන් ඔබට දක්වන සැලකිල්ල මත කියාය.

නමුත් ඔබේ ජීවිතයේ සැබෑ සතුට රඳා පවතින්නේ ඔබ තුළය. ඔබට බාහිරින් සතුට හෝ දුක රඳා නොපවතී. 

මෙම කෘතිය හරහා ඉතා සාර්ථකව 'සතුටින් ඔබ්බට' ගමන් ගන්නා මාර්ගය විවෘත කර දෙන්නට ප්‍රවීණ දේශක, කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය සමත් වී ඇත.

නෙත් එෆ්. එම්. රේඩියෝව හරහා බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30ට ප්‍රචාරය කෙරෙන අන්ලිමිටඩ් සතුට වැඩසටහන ඇසුරෙන් රචනා කළ 'සතුටින් ඔබ්බට' කෘතිය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයෙන් ද ලබා ගත හැකිය. තවද සරසවි පොත්හල් ඔස්සේ ද මෙම කෘතිය මිල දී ගැනීමට හැකියාව තිබේ.