එච්.ටී.ආර් ප්‍රියන්ත..නම කිව් සැනකින් ඔබේ සිහියට නොනැගුණත් නිරෝධායන කටයුතු සඳහා මුලින්ම හෝටලයක් පරිත්‍යාග කළේ ඔහුයි.
හංවැල්ලේ අවිස්සාවේල්ල පාරේ අනෝමා හෝටලය නමින් කාමර 15 කින් යුතු සංචාරක හෝටලයක් පවත්වාගෙන ගිය එච්.ටී.ආර් ප්‍රියන්ත මහත්මයා මෙලෙස නිරෝධායන කටයුතු වලට පැවරීම එකළ හැමෝටම ආදර්ශමත් ක්‍රියාවක් වුණා.
එදා සිදුකළ විශිෂ්ඨ සේවය ඔහු එතනින් නතර නොකර සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වෙනුවෙන් ආරක්ෂක මුහුණු ආවරණ ලබා දීම, සනීපාරක්ෂන පහසුකම් ලබා දීම ඇතුළු විශාල සමාජ මෙහෙවරක් ද ඉටුකළා.
ඔහු අද දින නැවතත් සමාජ මෙහෙවරක නිරතවුණා.ඒ ස්නායු ආබාධයකින් පෙලෙන අසරණ පවුලකට නිවසක් තනාගැනීම සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදෙමින්.එම පවුලේ පියා මෙන්ම මවද ස්නායු ආබාධයකින් පෙලෙන නිසා දරුවන් අනාත නිවාසයක රැඳී සිටිනවා.
එම අවස්ථාව පහතින්..