Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

මධූෂ්ට වෙඩි..රහස් වැළලෙයිද ? (VIDEO)

7158Views

මාකඳුරේ මධූෂ් නම් අපරාධකාරයා වෙඩි හුවමාරුවකදී පරලොව ගොස් තිබේ. සිද්ධිය දෙස උපේක්ෂාවෙන් බලන විට කිව හැක්කේ ‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ යන්න පමණි.

කෙසේ වෙතත් මධූෂ්ගේ මරණයත් සමග තවත් කතාබහක් මතුව තිබේ.පාතාල නායකයෝ හැම විටම බලයේ සිටින දේශපාලන නායකයන් සමඟ සබඳතා පවත්වති. ඇතැම් විට ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා පාතාල නායකයන්ගෙන් ලැබී ඇත්තේ බරපතළ සහයෝගයකි.එසේ නම් මධූෂ්ගේ මරණයත් සමග එකී දේශපාලකයන්ගේ රහස් සදහටම සැඟව ගියාද ? මේ වන විට බොහෝ දෙනා පැන නගන ප්‍රශ්ණය එයයි.

මධූෂ්ගේ පතාල ක්‍රියාකාරකම් පිළිබඳ එදා සිට අද දක්වා නෙත් එෆ් එම් බැලුම්ගල විවිධ අණාවරනයන් සිදු කළේය.කොටින්ම කිවහොත් මධූෂ් සමග සිදුකළ කතාබහක හඩපටයක් හෝ ඇත්තේ නෙත් එෆ් එම් බැලුම්ගලට පමණය.මධූෂ්ගේ මරණය සමග ඔහු පිටුපස සිටි ලොකු ලොක්කන්ගේ රහස් සදහටම සැඟව යයිද ? මේ ඒ පිළිබඳව බැලුම්ගල සිදුකරන අණාවරණයයි..