Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

“අරලිය ගහ මන්දිරයේ ” සිටි රෝහිත රාජපක්ෂට ඉවත්ව යන්න කිව්වාද ? ඇත්ත මෙන්න

14367Views

මහින්ද රාජපක්ෂගේ බාලම පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විවාහ වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මවත්   සමඟ පදිංචියට පැමිණ ඇත්තේ  ජනතා මුදලින් නඩත්තු වන අගමැති නිල නිවස  වු අරලිය ගහ මන්දිරයට මැයෙන් වූ පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව දක්ට ලැබුණා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ මේ වන විට රටේ අගමැතිවරයා ලෙසට මහින්ද රාජපක්ෂ පාවිච්චි කරන්නේ විජේරාම නිවස බවත් නිල වශයෙන් නාමිකව අරලිය ගහ මන්දිරය තිබුණ්ත්  ඒ තුල මෙතෙක් පදිංචිව සිට ඇත්තේ මහින්ද ගේ බාල පුතු රෝහිත රාජපක්ෂ බවත්ය

එමෙන්ම අරලිගහ මන්දිරය  මෙතෙක් පදිංචිව සිටි  රෝහිත රාජපක්ෂට වහාම  ජනාධිපතිවරයා ඉන් ඉවත්ව යන ලෙසට නියෝග කර ඇති බවද එහි සඳහන්විය.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රෝහිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ පදිංචිව සිටින්නේ අරලිය ගහ මන්දිරය තුළ නොව ඔවුන්ගේ පෞද්ගලික නිවසක බවය.