Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනට තවත් ඇගයීමක්

1503Views

ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්වත් විමසා බැලීමක් සිදුකරමින් අනාගතය උදෙසා ඉතිහාසයෙන් උගත හැකි පාඩම් හඳුනා ගැනීම වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන  මීට මාස කිහිපයකට පෙර වැඩසටහන ආරම්භ කළා.

මේ වන විට බොහෝ දෙනා නරඹන වැඩසටයනක් බවට පත්ව ඇති මෙයට රටේ පිළිගත් උදවියගේ පවා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා..

මේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි තිලකරත්න මහත්මිය අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්..

අපේ රට මහා පුදුම සංස්කෘතික වටිනාකමක් තියෙන ..ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන රටක්. නමුත් ඒ සැබෑ ඉතිහාසය , ‍රජවරු ඔවුනගේ පරපුර,ඔවුන් ගොඩනැගූ බොහෝ දේ, ,අපේ ආදී මුතුන් මිත්තන් ගැන, අපේ පැවත්ම අක්මුල් .. සත්‍යම දේද අපට ඉගැන්වූයේ , අප අද දැනගෙන ඉන්නේ? ඉතිහාසය කියවීම අතීතයේ පටන් අත්තනෝමතිකව කටයුතු කල අයගේ ග්‍රහණයට අනුකූලව, දේශපාලනික ඕනා එපාකම් මද්‍යයේද කියවුනේ?

එලෙස වරින් වර විවිධ කියවීම් වලට ලක්වුනු සැගවුනු අපේ යටගියාව නිවැරදිව දැනගනිමු. බොහො වෙහෙසක් දරමින් මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් සිදුකල විවිධාකාර පර්යේෂණ , සෙල්ලිපි අයිතිහාසික පොත් පත් ,විවිධ කියවීම් සහ ගවේෂණ ඔස්සේ සාක්ෂි ඇතිව හෙලි කරන අපේ හෙල වංශකතාව Neth fm Unlimited history (utube ) ඔස්සේ මුල සිට සවන්දෙන්න..නරඹන්න.

මෙවැනි මිනිසකුට ශක්තියක් වීම,ආරක්ෂා කිරීම රටට ආදරය කරන අපි කාගේත් යුතුකමක් . විවිධ බාධක මද්‍යයේ ඔහු මේ අසීරු කාර්‍යයයෙහි යෙදෙන්නේ අප වෙනුවෙන් .... අපේ අභිමානය වෙනුවෙන්.

අපේ රට ලෝකෙන් උතුම් රට ...මේ බව තවදුරටත් සනාථ වෙමින් පවතිනු ඇත. සාක්ෂි සහිතවම සිදුවෙන නවතම කියවීම මත මුලු මහත් ලෝකයක්ම අපේ ප්‍රෞඩ උරුමයන් දැක බලා ගැනීමට මේ පුංච් රටට පැමිනෙනු ඇත.