Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

නව කොවිඩ් 19 වෛරසයේ දෙවෙනි රැල්ල හා සාමාන්‍යය ජන ජීවිතය.

1041Views


දැනට මානව වර්ගයාට ඇතිවී ඇති ප්‍රධානතම ගැටලුවක් වනුයේ කොවිඩ් වසංගතයේ ආදීනව මඟහැර සාමාන්‍ය ජන ජීවිතය ඉදිරියට යාමයි.

ආර්ථික විසේසඤයන් පවසන අන්දමට තාක්ෂණය අපව  මෙමෙ වසංගතයෙන් බේරා ගනු ඇති අතර මිනිසුන්ට තිබෙන්නේ නිවැරදි ආකල්ප වලට අනුගතව ජීවත්වීම පමණයි.

මෙම වසන්ගත තත්වය ලෝක වෙළඳපොල තදින්ම බලපාන අතර 1930 දි ඇතිවූ ආර්ථික පසුබෑම සේම ආර්ථික අවපාතයක් ඇති කිරිමට සමත් වි තිබෙනවා. IMFවියාපෘතිය ලෝක වර්ධන වේගය 2020දි -3% දක්වා අඩුවීමක් පෙන්වන අතර එහි තීව්‍රර අවස්ථාව 2021 ජනවාරි ලෙස පෙන්වා දෙනවා.

තවද ඔවුන් පවසන අකාරයට ලෝක ආර්ථිකය යථා තත්වයට පත් කිරිමට නම් ක්‍රියාකාරී ආකල්පමය දියුනුවක් ඇතිවීම  අනිවාර්ය වේ. තවද මානව නව සොයාගැනීම් ඉතාම තදින් අවශ්‍ය වන යුගය මෙය වන බවයි.
සැකයකින් තොරව වෙනදාට වඩා අවශ්‍යතාවය මත පදනම් වී තීරණ ගැනීම සිදු යුතු අතර එහි වේගය හා විනය මෙම ආර්ථික අවපීඩන තත්වය කොතෙක් කාලයක් පවතිනු ඇති ද යන්න තීරණය කරනු ඇත.