Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

අගමැති මහින්දට උපන් දිනය දා හිමි වූ වටිනාම තෑග්ග

5141Views

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි උපන් දිනය පසුගියදා යෙදී තිබුනා. එහිදී අග්‍රාමාත්‍යවරයාට හිමි වූ අපූරු ත්‍යාගයක් පිළිබඳව වාර්තා වෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥවරයෙකු ලෙස සේවය කරන සමයේ උපයා ගත් මුදලින් මිලට ගත් සිය ප්‍රථම මෝටර් රථය පසුව දේශපාලන කටයුතු සඳහා මුදල් සොයා ගැනීම සඳහා විකුණා දමා තිබුනා.

ඒ ප්‍රකට මෝටර් රථ ධාවන ශූරයෙකු වූ එස්. ඒ අමරසිරිටයි. ඔහු මෙම මෝටර් රථය මිලට ගෙන ඉන් තරග පවා ජයග්‍රහණය කර තිබුනා. ඔහුගේ මංගල මෝටර් රථය වූයේත් එම රථයයි.

අග්‍රාමාත්‍ය පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව  එස්. ඒ අමරසිරිගේ පුතුන් වන දුමින්ද අමරසිරි හා හර්ෂ අමරසිරි ඇතුලු පවුලේ සැම  විසින් මෙම පරිත්‍යාගය කර ඇති බවයි සඳහන් වන්නෙ.