Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

මාධ්‍ය කියන තරම් වැඩක් අනිල් ජාසිංහ කළේ නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෙක් හෙළි කරයි

3387Views

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කොරෝනා පාලනයට යම් වැඩ කොටසක් 
කල නමුත් ඔහු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාධ්‍ය තුළින් පවසන තරම් වැඩ කොටසක් සිදුකර 
නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේය.

ඔහු මේ බව සදහන් කළේ කොරෝනා පළමු රැල්ල පාලනය කළේ අනිල් ජාසිංහ බව තලතා 
සමගි ජන බලවේග මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් 
අප නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු දෙමිනි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ චීනයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ බවත් එය ශ්‍රීලංකාව 
තුළ ව්‍යාප්ත වීමට පටන් ගත්තේ මේ වසරේ මාර්තු මාසයේ බවත් පවසන එම නිලධාරියා ඒ 
වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පුද්ගලයන්ගේ PCR පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණ 
නළ හෝ ප්‍රමාණවත් පරිදි රැස්කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වූ බව පවසයි. 

ඒ හේතුවෙන් ඇතැම් දිනවල PCR පරීක්ෂණ සිදු නොකළ බවද හෙතම අනාවරණය කලේය.

එහි සම්පූර්ණ වගකීම එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා වූ අනිල් ජාසිංහ මහතා 
බාරගත යුතු බවද එම නිළධාරියා පවසයි.

එමෙන්ම කොරෝනා රෝගීන්ප්‍රවාහනය, ඇතුළු බොහෝ කටයුතු එවකට සිදුකලේ යුධහමුදාවෙ 
මැදිහත්වීම මත බවත් අනිල් ජාසිංහ මහතා සිදුකලේ මාධ්‍ය තුළින් තම ප්‍රතිරූපය සාදාගැනීම 
පමණක් බවත් එම නිලධාරියා පැවසුවේය.

ඔහු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටින කාලයේ දිනකට PCR පරීක්ෂණ සිදුකලේ 
උපරිම 2000ක් පමණක් බවත් මේ වනවිට එය 13000කට වැඩි ප්‍රමාණයක් සිදුකරන බවත් 
එම නිලධාරියා පැවසුවේය.

එමෙන්ම ඔහු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටින කාලයේ රට වසා තැබීම නිසා 
රෝග පාලනය ඉතා පහසූ වූ නමුත් වර්ථමානයේ රට විවෘතව පවතින අතර ඒ සමඟ 
රෝග පාලනය කිරීම ඉතා දුෂ්කර කටයුත්තක්ව ඇති බවත් හෙතම පැවසුවේය.