Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

කුණාටුවෙන් බේරීමට කුමක් කළ යුතුද?

538Views

කුණාටුවෙන් බේරීමට කුමක් කළ යුතුද?

ඒ අනුව, මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා, ගොඩට ඇඳගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රාහිමියන්ට කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත දන්වා තිබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිදුවිය හැකි හානි  තාවකාලික නිවාස සහා ඉදිකිරීම් වලට හානි වීම.,වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාම., විදුලි සහ දුරකථන රැහැන් වලට හානි සිද්‍ය්විය හැක, ගස්වල අතු කැඩිම සහ මාර්ග අසල ති විශාල ගස්ගැලවී යා හැක.,වී වගා බිම් වලට,කෙසෙල්, පැපොල් වැනි පෙතුරු වගාවතු වලටද හානි සිදුවිය හැක.,  වරාය ආශ්‍රිත නවතා/රදවා ඇති යාත්‍රා අංගනවලට හානි විය හැක., ක්ෂණික ගංවතුර තත්ත්වයතු ඇතිවිය හැක,  වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැක.

ගොඩබිම් ප්‍රදේශ සඳහා:

    වෙරළාසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වලට ගමන් කරීම. බලපෑම ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුලට වී සිටීම.,කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන් වලින් ආරක්ෂාවීම.
    ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම.

    ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
    හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුට් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුළි කුණාටුවක දී ජනතාව කළ යුතු හා නොකළ යුතු දෑ සඳහන් කර තිබේ.

සුළි කුණාටුව අතරතුර සහ පසුව ගෘහස්ථව

    විදුලි ප්‍රධාන ක්‍රියා විරහිත කර තබන්න, ගෑස් සැපයුම විසන්ධි කරන්න. දොරවල් සහ ජනෙල් හොඳින් වසා තබන්න  ඔබේ නිවස අනාරක්ෂිත නම්, සුළි සුළඟක් ඇතිවීමට පෙර පිටත්ව යන්න,  ගුවන් විදුලියට සවන් දෙන්න, උණු/ ක්ලෝරිනීකෘත ජලය පානය කරන්න. නිල අනතුරු ඇඟවීම මත පමණක් ග්‍රහණය කර ගන්න.