Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

Online පාඩම් වැඩ කරගන්න ගල් උඩ නගින බදුරලිය සිසුන්ගේ අන්තර්ජාල සිහිනය සෑබෑවක් වෙයි

1627Views

බදුරලිය ගම්මානයේ දරුවන් පිරිසක් නිවසින් පිටතට පැමිණ ගල් උඩ හිදිමින් තමන්ගේ අන්තර්ජාල අධ්‍යාපන කටයුතු සඳහා සිග්නල් සොයාගන්නා අයුරු දැක්වෙන ඡායරූප කිහිපයක් පසුගිය දිනෙක සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා ඔබටත් මතක ඇති. දුෂ්කර ලෙස තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන මේ දරුවන්ගේ ගම්මානයට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ලබාදීමට ක්ෂණිකව ක්‍රියාත්මක වුනු ඩයලොග් ආයතනය මේ වන විට බදුරලිය ගම්මානය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි 4G සිග්නල් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

තමන්ගේ නිවසේ සිටම දැන් දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමේ අවස්ථාව උදා වී ඇති අතර මේ කර්තව්‍ය වෙනුවෙන් ඇප කැප වුණු සියළු දෙනාටම බදුරලිය ජනතාවගෙන් ලැබුණේ ඉමහත් ආදරණීය ස්තූතියක්.