Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

මන්ත්‍රී හකීම්ට කොරෝනා ආසාදනය වෙයි : පාර්ලිමේන්තු සැසිවාරයටත් ගිහින්

3810Views

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

"අද දිනයේදී මම කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවා. ඒ අනුව මම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළු වනවා. පසුගිය දින 10 ක කාලය තුලදී මා සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා" යැයි ට්විටර් සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටිනවා.

මිට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හට ද වෛරසය ආසාදනය විය. එමෙන්ම ඔහුගේ පෞද්ගලික සම්බන්ධිකරණ ලේකම්වරයා හටද වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ. 

මේ අතර මන්ත්‍රී රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු එක් දිනක් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගිවී ඇති බවයි වාර්තා වන්නේ.