අම්බලන්ගොඩ මීටියාගොඩ ප්රදේශයේදී හෙදියකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයකු ඊයේ ඇළකට පැන දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මීටියාගොඩ පොලිසිය පවසනවා,
බලපිටිය මූලික රෝහලේ සේවය කරන එම හෙදිය මලවැන්න රේල් ගේට්ටුව අසලින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඇයගේ රන් මාලය කඩා ගෙන තිබේ.
හෙදියගේ කෑගැසීමේ ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණි ප්රදේශවාසීන් සැකකරු ලුහුබදිද්දී ඔහු අසල තිබූ ඇළකට පැන තිබේ. පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය හා ප්රදේශවාසීන් එක්ව දියේ ගිලී සිටි සැකකරු ගොඩගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව මීටියාගොඩ පොලිසිය පැවැසුවේ.