Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

මුහුණු පොත හරහා යාළුකම් ඇතිකර ගන්නා තරුණයින් සුක්ෂම ලෙස ගණිකා වෘත්තියේ යොදා ගත් කතුන් තිදෙනා 

14100Views

මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්‍ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ අලූයම පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාරියන් අත්ඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ දී බවයි පොලිසිය සඳහන් කළේ.
 
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.
 
ඒ අනුව කාන්තාවන් මිලදී ගන්නා මුවාවෙන් එම ස්ථානවලට ආදේශන රාජකාරියෙන් ගිය පොලිස් නිලධාරීන්, මුදල් ගෙවා කාන්තාවන් මිලදී ගැනීමෙන් පසුව, ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව එකම අවස්ථාවකදී එම ස්ථාන වටලා ගණිකා වෘත්තිය සඳහා රැඳී සිටි කාන්තාවන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉංගිරිය සහ මාතලේ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඩි පසුව ගිවිස ගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක්ද සිටි බව පොලිසිය සඳහන් කළේ.
 
 මොවුන් වයස අවුරුදු 24, 43 සහ 28 වයසේ පසුවන්නන් බවද පැවසේ.
 
කොළඹ ප‍්‍රදේශයේ රැකියා කරන බව නිවෙස්වලට පවසා මෙහි රැඳී සිටිමින් මුහුණු පොත හරහා සිය ගිණුමට එකතු වන මිතුරන්ට, ‘‘මගේ අම්මා මට බෑණා කෙනෙක් සොයයි..., මට පාලූයි පුලූවන්නම් ඇමතුමක් ගන්න..., ආදරේ කරන්න මිතුරෙක් සොයයි....’’ යනුවෙන් වැකි සඳහන් කොට අදාළ දුරකථන අංකයට කතා කරන මිතුරන් සමඟ පේ‍්‍රම සබඳතාවක් ඇති කරගෙන, මුදලට ලිංගිකව හැසිරීමට පොළඹවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.