Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

මුදල් ගෙවා නිරෝධායනය සිදුකරන වැල්ලවත්තේ හෝටලයක සේවකයින් 11කට කොවිඩ් : සමීප ආශ්‍රිතයින්ව දිගටම සේවයේ යොදවන බවට චෝදනා 

2326Views

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයින් 11 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කර සිටිනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ගෙවා නිරෝධායනය විය හැකි ස්ථානයක් ලෙසට සේවා පවත්වාගෙන යනු ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.

මෙම හෝටලයේ සේවය කරනු ලබන සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ PCR පරීක්ෂණ මගින් එහි පුද්ගලයින් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව මෙම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සැලකෙන හෝටලයේ සෙසු සේවක සේවිකාවන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ වලට ලක් කොට ඇති බවත් ඔවුන් ගෙන් ඇතැමෙක්ට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් දිගින් දිගටම ඔවුන් සේවයේ යෙදවීමට හෝටල් පරිපාලනය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.