Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

කොරෝනා වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි?

801Views

ඕනෑම වෛරසයක් කාලයත් සමඟ වෙනස් මුහුණුවරක් ගනී. සාර්ස්-කෝවිඩ්-2 වෛරසයටත් එම කාරණය පොදු ලක්ෂණයකි.එහෙත් සෑම මොහොතකම වෛරස් එහි පැවැත්ම සහ ප්‍රතිජනනයට හේතුකාරක වන මට්ටමින් විපරීත මුහුණුවර ගනී.
202012/01 යනුවෙන් හඳුන්වනු ලබන එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සහ සමාන නමුත් ප්‍රභේද දෙකක් වන මෑතදී හඳුනාගන්නා ලද දකුණු අප්‍රිකාවේ 501.V2 කොරෝනාවයිරස් නව ප්‍රභේදය අතර වෙනස්කම් පවතී.

එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ කෝවිඩ් නව ප්‍රභේදයන් දෙකම බරපතල රෝගාබාධකාරක වන බවට සාක්ෂි ලැබී නැත. එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ එම නව ප්‍රභේදයන් ආසාදනයවීම් සංඛ්‍යාත්මකව වේගයෙන් වැඩිවීමත් සමඟ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය අසීරු අඩියකට වැටීමය.

ලක්ෂ සංඛ්‍යාත වෛරස් ලෝකය පුරා ජානමය විශ්ලේෂණයන්ට භාජනය කරනු ලැබ ඇත.

“අවධානය යොමුවෙමින් පවතින මෙම වෛරස ප්‍රභේදයන්හි කඩිනම් අන්තරායකාරීභාවය තක්සේරු කිරීමක දී සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇතිවෙන බලපෑමේ උත්සන්න වීමක් සිදු කෙරෙනවා,“ ව්‍යාධීන් වැලැක්වීම සහ පාලනය පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය (European Centre for Disease Prevention and Control) සඳහන් කරයි.

“මෙම නව වෛරස් ප්‍රභේද ආසාදනය වීම් දරුණු බවට තොරතුරු නැතත්, එම කොරෝනා ප්‍රභේද පැතිරයාමේ ප්‍රතිවිපාකයක් වශයෙන් විශේෂයෙන් ම වෘද්ධ වියේ පසුවෙන්නන් හෝ ව්‍යාධීන් කීපයකට ගොදුරුව සිටින්නන් රෝහල්ගත කරනු ලැබීම සහ මරණ අනුපාතයේ වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා,“ එම යුරෝපා මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.