Friday, February 26, 2021
/ - General line - 0115112241 | - [email protected]

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා ආසාදනය වෙයි 

2827Views

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෑගල්ලේ ධම්මික පැණිය ද පානය කරනු ලැබුවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගය.