Friday, February 26, 2021
/ - General line - 0115112241 | - [email protected]

කෑගල්ලේ ධම්මික පැණිය බිව් සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා ?

5170Views

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වී ඇති අතර ඇය අද දිනයේ දී PCR පරීක්ෂණයක් ද සිදුකර ගෙන ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇති බවයි BBC සිංහල වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් අප විමසීමක් සිදුකළ අතර ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් වෙත මේ දක්වා වාර්තා වී නොමැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය මිට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා විසින් සාදන ලද කොවිඩ් වෛරසයට එරෙහි පැණිය ද පානය කරනු ලැබූවා. එම පැණිය පානය කිරීමෙන් පසු වෛරසය ආසාදනය වූ දෙවන ඇමතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරියයි.