Friday, February 26, 2021
/ - General line - 0115112241 | - [email protected]

ආණ්ඩු පක්ෂයේ අභියෝගය පිළිගනිමින් හරීන් ප්‍රනාන්දු LIVE ඇවිත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දෙයි (VIDEO)

4909Views

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අන්තරාදායක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ තමාගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර සිටියා. ඒ රජයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ අභියෝගයට පිළිතුරු ලබාදෙමින්ය.

පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුට මත්ද්‍රව්‍ය ගත් බවට චෝදනා කළ අතර ඔහුට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලෙස අභියෝග කර සිටියා.

ඒ අනුව මන්ත්‍රීවරයා තමාගේ වෛද්‍ය වාර්තාව සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරනු ලැබුවේ ඔහු විසින් එම පරීක්ෂණය භාජනය වන අයුරු දැක්වෙන සජීවී වීඩියෝවක් ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මුදාහරිමින් වීම විශේෂත්වයක්.

" සත්‍යවශයෙන්ම මා පරීක්ෂණය සිදුකළේ, මා ගැන සැලකිලිමත් වන සහ මා කෙරෙහි විශ්වාසය තබා ඇති මිනිසුන්ට ඒ විශ්වාසය තවදුරටත් සහතික කිරීමට ය.ඒ හැර නූගත් දුර්ජනයින්ට හෝ උන්මත්තක කුහහකින්ට මට ඔප්පු කිරීමට කිසිවක් නැත. මේ මොහොතේ රටේ දහසක් ජාතික ප්‍රශ්න සහ ව්‍යසන වලින් ජනතාව කරවටක් ගිලී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ මගේ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාව නොවේ" හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණා.