Friday, February 26, 2021
/ - General line - 0115112241 | - [email protected]

අධ්‍යාපන ලේකම් නිසා අධ්‍යාපනය අවුල් ජාලාවක

1472Views

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් චක්‍ර ලේඛ උල්ලඝණය කරමින් තමන්ගේ අභිමතය පරිදි විදුහල්පතිවරුන් මාරු කිරීමට තැත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සම්පුර්ණ අවුල් බවට පත්කර ඇති බව විවිධ පාර්ශව වලින් නෙත් ගොසිප් වෙත වාර්තා වී ඇත.

රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වන බව පවසා ලියුමක් ලබාගෙන එය රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කරන ලද ලේකම්වරයා එම ඉල්ලීම ඉල්ලා අස්කරගත් බවට දන්වා විදුහල්පතිවරයා විසින් පසුව රාජ්‍ය සේවා කොමිසම වෙත යවන ලද ලිපිය පිලිබදව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එයට රාජ්‍ය සේවා කොමිසම වෙන උත්තර නොදී මගහරිමින් සිටින තත්වයක් ඇති වී ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වේ.

මෙයට අමතරව ඔහුට හිතවත් විදුහල්පතිවරයකු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත මාරුකර මාස කිහිපයක්
ඇතුලත එම විදුහල්පතිවරයා නැවතත් කොළඹ නාලන්දා විද්‍යාලයට මාරුකර ගැනීමේ උත්සහයක්  ගැනද නෙත් ගොසිප් වෙත වාර්තා වී ඇත. 

එහිදී එම විදුහල්පතිවරයාට වඩා වැඩි ලකුණු ලබාගත් තවත් විදුහල්පතිවරයකු වෙත ලේකම්වරයා විසින් අතිරේක ලේකම් දුරයක් ලබා දෙන බවට බොරු පොරොන්දු
දෙමින් බලපෑම් කර ඔහුව එම විදුහල්පති සටනින් ඉවත් කරගැනීමේ ප්‍රයත්නයද පවතින බව ද වාර්තා වේ.

මෙලෙස විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුගේම ස්වකීය කැමැත්තෙන් මාරුවන බව අගවා ලියුම් ගෙන ඔහුගේ අභිමතය පරිදි පත්කිරීම් කිරීම , ලේකම් තුමා පුරුද්දක් කරගෙන ඇති බවද වාර්තා වේ.

මෙය සාමාන්‍ය චක්‍රලේඛ වලට විරුද්ධ බවත් සාමාන්‍යයෙන් විදුහල්පතිවරයකු පාසලකට පත් කල පසු අවම වශයෙන් ඔහු එම පාසලෙහි වසර 3 ක කාලයක්වත් සේවය කල යුතු වුවත් එයද ලේකම්වරයා විසින් උල්ලංගනය කිරීමට සැරසෙන බව අප වෙත වාර්තා වේ. 

එබැවින් අධ්‍යාප ලේකම්වරයාගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය නතර නොවුනහොත් අධ්‍යාපන අමාත්‍යාංශය අවුල් ජාලවක් වන බව විදුහල්පතිවරුන් ඇතුලු ගුරුවරුන් වැඩිදෙනෙකුගේ මතය වී ඇත.