පාස්කු ප්රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා වෙත නිර්දේශ කර ඇති බවයි.
මෙරට කොමිෂන් සභාවක් විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළ පලමු අවස්ථාව මෙය වනවා.