අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොළඹ නාලන්දා විද්‍යාලයේ සහ මහානාම විද්‍යාලය වැනි ප්‍රධාන විදුහල්වලට විදුහල්පතිවරුන් පත්කිරීම සදහා කරන ලද සම්මුඛ පරීක්ෂණ වල ලකුණු තමන්ගේ අභිමතය පරිදි වෙනස් කර ඇතැයි නෙත් ගොසිප් වෙත වාර්තා වේ.
මොහු විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යවන ලද මෙම ලකුණු එම කොමිසමෙහි අධ්‍යාපන සේවා කමිටුව විසින් ප්රතික්ෂ්ප කර ඇති බව දැනගන්නට ඇත.
ලේකම්තුමා විසින් තමන්ට හිතවත් විදුහල්පතිවරුන්ට වැඩි ලකුණු ලබා දී ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන්ට අඩු ලකුණු ලබා දීමක් සිදු කර තිබීම මෙයට හේතු වී ඇත. අධ්‍යාපන ලේකම් වරයා විසින් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 10 දා සිට
ස්ථාන මාරුවීමක්ද ලබා දී ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වේ.
එයට එරෙහිව රාජකීය විදුහල්පතිවරයා නීතිය ඉදිරියට යෑමට කටයුතු කරමින් සිටින බවටද අප වෙත වාර්තා වී ඇත.
අධ්‍යපන ලේකම්වරයාගේ අනිසි ක්‍රියාකාරකම් පිලිබදව නෙත් ගොසිප් මීට පෙරද වාර්තා කර ඇත.