Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඕනෑම ව්‍යාපාරයක් දියුණු කරගන්න පුලුවන් රහස් 07 ක් මෙන්න

2571Views
මිනිසුන් ලෙස අපි නිතරම උත්සාහ කරන්නේ පියවරක් හෝ ඉදිරියට යන්නනේ.හැබැයි එය රඳා පවතින්නේ වාසනාවටත් වඩා ,උනන්දුව සහ කැපවීම මතයි. ව්‍යාපාරයක් වුනත් සාර්ථක වෙන්න කරුණු කිහිපය හේතු වෙනවා.අද අපි ඔබට කියන්නේ ඔනෑම ව්‍යාපාරයක් සාර්ථක කරගත හැකි එවන් රහස් කිහිපයක් ගැනයි. 1.පොඩි තැනින් පටන් ගන්න බොහෝ වෙලාවට බිස්නස් එකක් පටන් ගන්න හදන අපේ හිතේ මැවෙන්නෙම "බිග් පික්චර්" එකක්.එහෙමත් නැතිනම් ලොකු ලොකු හීන.ඒවගේ හීන තියාගන්න එකේ කිසිම වරදක නැහැ.හැබැයි එක පාරම ඒ දේවල් ලඟා කරගන්න බැහැනේ.පඩිපෙලක වුනත් ඉහලට නගිනකොට පඩියක් දෙකක් මඟ හැරලා උඩට නගින්න අමාරුයි.ජීවිතෙත් ඒ වගේ.පටන් ගන්න ඕනේ බොහොම පොඩි තැනකින්. එයට කදිම නිදසුන වන්නේ එස්.ක්‍රිෂ්ණමූර්ති මහතා.ඔහු ක්‍රවුන් ආයතනයේ සභාපතිවරයා.ඉතා කුඩාවට ව්‍යාපාරය ආරම්භ කල ඔහු මේ වන විට රෙදි පිළි ක්ෂේත්‍රයේ ඉහළම නමක් දිනාගෙන සිටිනවා. පොඩි තැනින් පටන් ගත්ත නිසා ඔහුට තමන්ගේ ව්‍යාපාරයේ පොඩි පොඩි දේවල් ගැන පවා හොඳ අවබෝධයක් තියෙනවා.ඉතින් දියුණු වෙන ඕනෑම කෙනෙක් ගාව තියෙන්නම ඕනේ දෙයක් තමයි මේ ගති ගුණය. 2.වැටෙයි..හැබැයි නැගිටින්න.. අද ලෝකය දිනපු කවුරුත් එක පාරම නැගිට්ට අය නෙවෙයි.අපි වුනත් පොඩි කාලෙදි එක පාරම ඇවිදින්න පටන් ගත්තෙ නෑනේ..නැගිට්ටෙ පවා වැටි වැටී..ඉතින් ජිවිතේ එහෙම නැගිට්ට අපිට බිස්නස් කරද්දි වැටුනත්,ආයෙම නැගිටින්න බැරිවෙන්න නැහැනේ. ඔබ අහලා ඇති WSR හමුදාව ගැන..මෙහි හිමිකරු තමයි දේශමාන්‍ය W.S.R.ප්‍රනාන්දු මහතා.ප්‍රවාහන සහ සැපයුම් අංශයෙන් සාර්ථක වුන ඔහුගේ ජීවිත කතාව හැමෝටම ආදර්ශයක්.වරෙක ව්‍යාපාරවලින් ඇද වැටෙන ඔහු සතුව ඉතිරි වෙන්නේ පා පැදියක් විතරයි.හැබැයි ඔහු ආපහු නැගිටිනවා..ඒ නිසාම අද ඔහු ජීව්තය ජයගත් අයෙක්. 3.අලුත් දේවල් අත් හදා බලන්න අපේ රටේ බොහෝ වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නේ , කෙනෙක් යම් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ,ඒ හා සමානම ව්‍යාපාරයක් අපිත් පටන් ගන්න. මෙහෙම හිතමුකො එක් අයෙක් සපත්තුවක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් තවත් අයෙක් බලන්නේ තවත් විදිහේ සපත්තුවක් නිෂ්පාදනය කරන්න.හැබැයි ඒකෙන් වෙන්නේ අනවශ්‍ය තරඟකාරීත්වයක් ඇති වෙනවා මිසක් වෙළඳ පොල දියුණු වීමක් නෙවෙයි..කෙනෙක් සපත්තුවක් හදද්දි,අපිට පුලුවන්නම් මේස් දෙකක් හදන්න ,සපත්තු පොලිෂ් එකක් හදන්න , සපත්තු කැඩුනම මහන්න ඉදි කට්ටක් හදන්න..අන්න ඒ වගේ අලුත් අවස්ථා නිර්මාණය කරගන්නවනම් අපිටත් දියුණු වෙන්න පුලුවන්. අපේ රටේ වාහන ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි නලින් වෙල්ගම මහත්මයා.ඔහු තමයි අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා.ඔහු කාලයක් එංගලන්තයේ ඉගෙනුම ලබනවා.ඉතින් මේ කාලයේදී ලබ ගත්ත අත් දැකීම් එක්ක ඔහු කරන්නේ වෙනස්ම විදිහේ ව්‍යාපාරයන්ට මුල පුරන එක..ඇත්තෙන්ම අද ඔහු සාර්ථක මිනිසෙක්. ඒ වගේම තමයි රෝයල් මිල්ස් ආයතනයේ සභාපති බාලන්දන් ප්‍රසාද් මහතා.ඔහු තරුණ වියේ ව්‍යවසායකයෙකු ලෙස උත්සාහ කරේ වෙනස්ම දෙයක් කරන්න.කිරි ගවයින්ට අවශ්‍ය ආහාර ඔහු රට පුරා බෙදා හරිනවා.වෙනස්ම විදිහේ ව්‍යාපාරික අවස්ථාවක් මතු කරගත් නිසා අද ඔහු ඒ ගමනේ සාර්ථකව බොහෝ දුර ඇවිල්ලා. 4.කාලයට අවනත වෙන්න එපා..කාලය ඔබට අවනත කරගන්න.. අපේ රටේ පැය 24 ම ඖෂධ බෙදා හැරීමේ සමාගමක් තමයි පියුමි ෆාමා කියන්නේ.එහි සභාපතිවරයා වන්නේ ටෙනිසන් පීරිස් මහතා. හැමෝම වගේ උදේ 8 -හවස 5 ට සීමා වුන ව්‍යාපාරයක් නොවී තමන්ට අවශ්‍ය විදිහට කාලය සකසා ගත් නිසා අද ඔහු ව්‍යාපාර ලොවේ හැමෝම කතා වෙන චරිතයක් බවට පත්වෙලා තියෙනවා. සමහරවිට ආරම්භයේදී විවිධ අභියෝග බාධක පැමිණේවි.ඒත් ඒ සියල්ලම ජයගෙන මේ අරමුණට යන්න පුලුවන්නම් ඇත්තෙන්ම ඔබ සාර්ථක පුද්ගලයෙකු වෙනවා. 5.කරන්න බැරි දෙයක් නෑ.. උනන්දුව තියෙනවනම් මොනවද කරන්න බැරි..ඔබ අහලා තියෙනවද තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පාන්දර එක දෙක වෙනකල් ලොරි එලවපු දිරිය කාන්තාවක් ගැන..ඇත්තෙන්ම ඇගේ ජීවිත කතාව හැමෝටම ආදර්ශයක්. ඇය ගෝල්ඩන් ස්ටාර් සමාගමේ සභාපතිනී නාමලී වික්‍රමගේ මහත්මිය.පවුලේ වගකීම් දෙවුර මත දරාගත් ඇය තමන්ගේ ව්‍යාපාරයද කෙමෙන් කෙමෙන් ඉහලටම ගෙන ආවා.අද ගෝල්ඩන් ස්ටාර් ගැන මුලු රටම දන්නවා. ඉතින් මේ ලෝකේ අපිට කරන්න බැහැයි කියලා කියන දෙයක් තියෙනවද ? 6.පාරිභෝගිකයා ගැන නිතරම හිතන්න ව්‍යාපාරයක රඳා පැවැත්ම තියෙන්නේ සේවකයො,ගොඩ නැඟිලි,යාන වාහන මතම විතරක් නෙවෙයි..පාරිභෝගිකයන් නැතිනම් ඒ ව්‍යාපාරයට පැවැත්මක් නැහැ.ඒ නිසා අනිවාර්‍යෙන්ම ඔබේ පාරිභෝගිකයාට මුල් තැන් දෙන්න. සීදේවී කුළු බඩු අපනයනය ආයතනයේ සභාපති පී.එච්.ජී.කරුණාරත්න මහතා අදටත් විශ්වාස කරන දෙයක් තමයි, "තමාගේ ලාභය ගොවියාගේ ලාභය විය යුතුයි" කියන එක. ඒ සංකල්පයෙන් කටයුතු කල ඔහු අද වෙනකොට සාර්ථකත්වයේ ඉහළටම ආව චරිතයක්. නෙල්නා සමූහයේ සභාපති W.E.G.E.නානායක්කාර මහතාත් මේ සඳහා හොඳම උදාහරණයක්.ඔහු හැම වෙලාවෙම හිතුවේ ගුණාත්මකව සහ ප්‍රමිතියකින් තමන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයන් හට ලබා දෙන්න.ඒ නිසාවෙන්මයි ඔහු දිනෙන් දින දියුණු වුනේ. ඒ වගේ අනිත් කෙනා ගැන හිතුවොත් ඔබටත් වරදින්නේ නැහැ. 7.උදව්වට හරිම කෙනෙක් ගන්න.. සමහර වෙලාවට ව්‍යාපාරයන් පටන් ගන්න යනකොට වගේම ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යනකොට ඔබේ ලාභයෙන් වැඩි කොටසක් වැය වෙන්නේ බැංකු ණය ගෙවන්න.ඒ වගේම තමයි ලේසියෙන් එහෙම ණයක් ගන්නත් අමාරුයි.. හැබැයි ඔබේ ව්‍යාපාරයට හදවතින්ම උදව් කරන බැංකුවක් එක්ක ඔබත් එකතුවෙනවනම් ඔබේ ව්‍යාපාරය දවසින් දවස දියුනු කරගන්න හරිම පහසුයි..ඔබ විශ්වාස කරන්න..අපි ඉහත කතා කරපු හැම ව්‍යාපාරිකයෙක්ගෙම ව්‍යාපාර ජයගන්න උදව් වුන රහසක් තිබෙනවා.ඒ තමයි ඒ හැමෝම තමන් ගැන හිතන ,තමන්ට උදව් කරන බැංකුවක් එක්ක එකතු වුන එක. ඒ තමයි සෙලාන් බැංකුව.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වන ඔබ ගැන නිතරම හිතන සෙලාන් බැංකුව ඔබට විවිධ වාසි සහ ප්‍රතිලාභ රැසක්ම හඳුන්වලා දීලා තිබෙනවා. 011 200 88 88 කියන අංකයට කතා කරලා ඒ ගැන තවත් විස්තර ඔබටත් දැනගන්න පුලුවන්. ඉතින් මේ කරුණු 07 ගැන ඔබත් හිතනවනම් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න එක ඔබට හීනයක් නෙවෙයි.