කටුනායක පිහිටි සුපිරි බාබර් සාප්පුවකට බලෙන් ඇතුළු වී එහි අයිතිකරුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර ඔහුගේ ගෙලෙහි පැළඳි රන් මාලය කොල්ලකෑමේ සිද්ධියට ආධාර අනුබල දීම පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් 34 හැවිරිදි කත මාර්තු මස 29 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළා.
රිමාන්ඞ් භාරයට පත් කළ සැකකාරිය වූයේ වටරැක පානලූව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්. මෙම කාන්තාව සමග පැමිණි අනිත් තැනැත්තා කටුනායක ප්‍රදේශවාසීන් විසින් කළ පහරදීමක් හේතුවෙන් පොලිසියට කටඋත්තරයක් ලබා ගැනීමට පවා නොහැකිව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.
මෙම පිහි ඇනුම සහ කොල්ලකෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා මෙම සිද්ධියට අදාළ හේතු සියල්ල ඉදිරි දිනයේ අධිකරණයට වාර්තා කරන බව කටුනායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක යූ. ජේ. මුදන්නායක අධිකරණය හමුවේ පැවසුවේ.
වැඩිදුර විභාගය මාර්තු මස 29 වැනි දින පැවැත්වේ.