Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

වාහන ආනයනයට සූදානමක්- වැඩි අවධානය ඉලෙක්ට්‍රික් වාහන වලට

2266Views

රජය වාහන අනයනය සීමා කරේ කොවිඩ් හේතුව නිසා බවත් රටේ ආර්ථික තත්තවය තහවුරු කිරීමේ අරමුනින් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වසරේ අගදී සලකා බලන බව ද සඳහන් කරයි. එසේ ආනයනය කරන මෝටර් රථ අතර වැඩි අවධානයක් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම පිළිබඳව බවත් රට තුල වාහන එකලස් කිරීමේ වැඩපිලිවෙලක් සහ  විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ නිශ්පාදනය කිරිමට හැකි නිසා.රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැකි බවත් ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදපාර්ලිමේන්තුවේදී පැවසීය.

 

මේ අතර 2015 සිට 2019 දක්වා වසර 5 තුළ දී වාහන ආනයනය සඳහා වියදම් කර තිබෙන මුළු මුදල රු. බිලියන 1239 ක් හෙවත් රු. ට්‍රිලියන 1.239 ක් බවත්, රටවල් 103 කින් වාහන ආනයනය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා  අනාවරණය කළේය.