Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

ජනාධිපතිගේ නියෝගයෙන් පාම් ඔයිල් ගෙන්වීම සහ කටුපොල් වගාව සම්පුර්නයෙන් නතර කෙරේ

1314Views

ජනාධිපතිගේ නියෝගයෙන් පාම් ඔයිල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමට  සහ ඊට අදාළ ගැසට් නිවේදනය   නිකුත් කරන ලෙස  ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.

දැනට ගෙන්වා ඇති පාම් ඔයිල් නිකුත් කිරිම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


කටුපොල් වගාව තහනම් කිරීම සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ කතිකාවතක් ආරම්භ වුණේ මීට වසර කිහිපයකට පෙර යි. එදා සිට කටුපොල් වගාව මෙරටින් තුරන් කිරීම සඳහා විවිධ පාර්ශවයන් හඬ නැඟුවත් එය තවමත් සාර්ථක වී නොතිබූ මොහොතක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුපොල් වගාවද සම්පූර්ණයෙන් තහනම් කිරිමටද නියෝග දී තිබේ.