Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

බස්නාහිර පලාතේ සහකාර කොමසාරිස් තනතුරේ ගැටළුව ගැන සුරාබදු කොමසාරි ජනරාල් කතා කරයි

633Views

බස්නාහිර පළාතේ සුරාබදු සහකාර කොමසාරිස් තනතුරට රොහාන් විජයරත්න පත්කරනු ලැබුවේ ඔහුට එම තනතුරේ රාජකාරි කිරිමට හැකියාව මෙන්ම දක්ෂකම ඇති නිසාවෙන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කර සිටිනවා.

බස්නාහිර පළාතේ සුරාබදු සහකාර කොමසාරිස් තනතුරේ පුරප්පාඩුව සඳහා නිලධාරින් දෙදෙනෙකු අතර තරගයක් ඇතිවූ බවත් එම නිසා ඔවුන් දෙදෙනාට අමතරව සිටි හොද නිලධාරියෙකු එම තනතුරට පත් කරනු ලැබූ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

" ජනාධිපතිතුමා මාව මේ තනතුරට පත් කරලා මාස 04ක් වගේ කාලයක් වෙනවා. මේ අවුරුද්දේ පළමු මාස 03 ඇතුලතදී සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට වැඩිම ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ රුපියල් බිලියන 38ක්. 

මගේ බලාපොරොත්තුව දෙපාර්තමේන්තුව ආදායම් අතින් දියුණු කරන ගමන් සේවක සුභ සාධනයත් ඉදිරියට ගෙනල්ලා දෙපාර්තමේන්තුව දියුණු මට්ටමකට ගෙන එන්න" සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා.