Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

සැමට සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් – ජනපති කියයි

259Views

මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා ඊයේ (07) පස්වරුවේ ⁣එම අදහස් ප්‍රකාශ කර සිටියා.

ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට තමන්ට හැකි වූ බව සහ සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළා. මෙලෙස අඩුපාඩු සහිතව තව දුරටත් සෞඛ්‍යය ක්ෂේස්ත්‍රය ඉදිරියට ගියහොත් නොදුරේදීම බරපතල අර්බුධ රාශියකට මුහුණදීමට සිදුවන බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.