Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

පාම් ඔයිල් ගෙන්වීමට යලිත් අවසර

827Views

පාම් ඔයිල් ආයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ වෙනස්කමක් සිදු කිරීමට ඉඩ ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පැවසූ අතර කර්මාන්ත හා බේකරි අවශ්‍යතා මත පාම් ඔයිල් නැවත ගෙන්වීමට බලපත්‍ර ලබාදෙන බව බන්දුල ගුනවර්ධණ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙන අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ අවශ්‍යතවයට අනුව පාම් ඔයිල් ලබාගත හැකි බවයි අමාත්‍යාවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. ඉකුත් දා රජය විසින් ප්‍රකාශයට පත්කර සිටියේ කටුපොල් වගාව සහ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.