Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

නිතරම පෙට්‍රල් ගැහුවත් , අපි නොසිතන දේවල්

13506Views

පෙට්‍රල් ගහනව කියන්නේ ගොඩක් වෙලාවට හදිස්සියෙන්, කොහේ හරි යන ගමන් කෙරෙන කටයුත්තක්. ඒවගේම අවශ්‍යතාවය නිසාම කෙරෙන කටයුත්තක්. අපි වාහනයක් පදවනවානම් දරන්නම වෙන වියදමක්
නමුත් අවශ්‍යතාවය නිසාම, නොකර බැරි නිසාම කරන මේ වියදමෙන් කවුරු හරි අ අයුතු වාසි ලබාගන්නවනම් එක නොසලකා හරින්න බැරි කාරණයක් නෙවෙයි. අපි කල්පනාවෙන් ඉන්න ඕනේ ගහන සතේටම තෙල් වදිනවද කියලා.
ඔබ වාහනයක් භාවිත කරන කෙනෙක් නම් මාසයකට කිහිප සැරයක් පෙට්‍රල් ෂෙඩ් එකකට යන එක අනිවාර්යය දෙයක් .
මුලින්ම  සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි පෙට්‍රල pump එකේ මීටරේ  බිංදුව සඳහන් වෙලා තියෙනවාද කියන එක. මේක ගැන අපි බොහෝ වෙලාවට අවධානයට යොමු කරන්නේ නෑ. අපි ගොඩක් වෙලාවට ෆෝන් එක බලබල හරි වෙන කල්පනාවක ඉන්න පුලුවන්. එහෙමත් නැත්තම් මුදල් ගෙවා ඉතිරි මුදල පර්ස් එකට දාගන්නවා වෙන්නත් පුළුවන්. ඒ සුළු මොහොතේදී පොම්පය ක්‍රියා කරවුවහොත් බින්දුවේ තිබුනාද කියන එක අපිට හොයාගන්න බෑ  

තවත් කාරණයක් තමයි දවස ගානේ හරි සතිය ගානේ හරි එකම තැනකින් එකම ප්‍රමාණයක් තෙල්  ගහනකොට. ඒ හැම සැරේකම තෙල් ටැංකියට වදින  ප්‍රමාණයේ වෙනසක් දැනෙනවද , ගහන සතේටම තෙල් වදිනවද කියලා  සැලකිලිමත් වෙන්න ඕනේ. එකම තැනින් හැමදාම ගහද්දි අපිට එතන විශ්වාසය ඇති වෙනවා.ඒ එක්කම අපි වැඩ්ය මේ කාරණා  ගැන සැලකිලිමත් වීම අඩුවෙනකොට අපිට පාඩු  වෙනවද නැද්ද කියන්න අපිම නොදන්නවා වෙන්න පුළුවන්.

ඔබ එකම මුදල් ප්‍රමාණයක නිතර තෙල් ගහනවනම්, මේ දේවල් අඳුරගන්න තවත් ලේසි. අවශ්‍යවෙන්නේ සැලකිලිමත්වීම තමයි. හැමදාම 1000 ක් හෝ 2000 ක ගහනවානම් ඉන්ධන ප්‍රමාණයේ වෙනසක්  තිබුනොත් එක සැලකිල්ලෙන් බලන කෙනෙකුට වැටහෙනවා. පොඩ්ඩක් කල්පනාවනේ හිටියොත් අපිට මේවගේ වෙන අවාසි වලින් වැළකෙන්න පුළුවන්.

තව කරන්න පුළුවන් දෙයක් තමයි තමන් දන්නා අදුරන  සහෝදර රියදුරන් සමග ඔබට තියෙන සැකය ගැන කතාකරන්න. එහෙම කතාකරහම ඔබට වැටහෙයි මේ සැකය තියෙන්නේ ඔබට පමණක් නොවන බව.

ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම වලින් ඔබට ගොඩක් පාඩු සිදුවිය හැකි අවස්ථා මග හරවා ගන්න පුළුවන්