Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

මිල ගණන් අනාවරණය කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි 

720Views

මිල ගණන් අනාවරණය කළහොත් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බව සිනොවැක්ස් ලයිෆ් කම්පැනි ලිමිටඩ් දැනුම්දී ඇතිබව සදහන්. 

මීට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘අනාවරණය නොකිරීමේ ගිවිසුම’ යනු ලොව පුරා ඖෂධ සමාගම් සිය සැපයුම් ක්‍රියාවලියේදී අනුගමනය කරන පොදු ලක්ෂණයක් බවයි.මෙරටදී නිෂ්පාදනය කිරීමට නියමිත සිනොවැක්ස් එන්නත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත අලෙවි කිරීමට යෝජනා වී ඇති මිල එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 ක් පමණ වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

අදාළ ගිවිසුම් කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය නොකළ යුතු බවට සඳහන් ලිපියක් සිනොවැක් සමාගමේ දේශීය නිෂ්පාදන සහකරු වන කෙලුන් ලයිෆ්  පෞද්ගලික සමාගම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය වරයා වෙත යොමුකර ඇති බවට  වාර්තා පලවනවා . මේ පිළිබඳව  රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කරන ඇත්තේ එවැන්නක්  තමාට දැන ගන්නට ලැබී ඇති නමුත් මෙතෙක් එවැන්නක් ලිඛිතව නොලැබුනු  බවයි
 
මෙම සිනොවැක් එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි කර්මාන්තශාලාවක නිෂ්පාදනය කිරීමට නියමිත බවත් මෙම අදාළ කර්මාන්තශාලාව ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදුසු අයුරින් සකස් කළ යුතු බවද මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බවටද වාර්තා පලවනවා 

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරටට අලෙවි කිරීමේදී එක් මාත්‍රාවක් ඩොලර් 15 කට ලබා දීම සහ බංග්ලාදේශයේදී ඊට ඩොලර් 10 ක මිලක් නියම කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී විශාල ආන්දෝලනයක් නිර්මාණය විය. එම සිදුවීමෙන් අනතුරුව සයිනොෆාම් එන්නත් අලෙවි කිරීමේදී ඊට අදාළ මිල අනාවරණය නොකළ යුතු බවද චීනය විසින් නේපාලය ඇතුළු රටවල් කිහිපයකටම දැනුම් දී ඇත