Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

මම බලාපොරොත්තු වුණ සේරම වගේ මේ වෙද්දී  ඉටු කරගෙන අවසන්

4811Views

දිනිති වල්ගමගේ කියන්නේ නිරුපිකාවක්  ලෙස හැමෝගේම ආදරේ දිනාගෙන සිටි තරුණියක්. ඇය පසු කාලයේ නිවේදිකාවක් ලෙස ද කටයුතු කළා. දිනිති රංගනයට එන්නේ ටිකක් අහම්බෙන්. ඇය ඒ කතාව ගැන කියන්නේ මෙහෙමයි......

" මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ කැමැත්තෙන් නෙවේ. මගේ අයියගේ යාලුවෙක් ඉන්නවා චාමර සමරවික්‍රම කියලා. එයා මගෙන් රඟපාන්න කැමැතිද කියලා  නිතරම ඇහුවා. ඒත් මම කැමැති වුණේ නෑ. ඊටපස්සේ හොඳට හිතලා තමයි රඟපාන්න පටන් ගත්තේ.......

ඒ විදියට කලාවට ආව දිනිති දැන් හැමෝගේම  ආදරේ දිනාගෙන ඉන්නවා.  දිනිති ඇයගේ ඉදිරි බලාපොරොත්තු ගැන කියන්නේ මේ වගේ කතාවක්........

" ඇත්තටම මම බලාපොරොත්තු වුණ සේරම වගේ මේ වෙද්දී  ඉටු කරගෙන අවසන්. මගේ බලාපොරොත්තු විතරක් නෙවෙයි මම දෙමවුපියන්ගෙ බලාපොරොත්තුව ඉටු කළා. මම කලාවට පය තියල මාස පහෙන් රයිගම් සම්මාන සඳහාත් නිර්දේශ වුණා......"


සටහන - ඉසුරු M_ අතපත්තු