Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ප්‍රවේගයෙන් රටම කැලඹූ සුන්දර යුවතිය උදාරි

4892Views

ශ්‍රී  ලාංකාවේ සිනමා කර්මාන්තයේ විශිෂ්ඨ නිර්මාණයක් තමයි 'ප්‍රවේගය' කියන්නේ. ලංකාවේ තරුණියන්ගේ සිත් දිනා ගත් කුමාරයා වුණ හේමාල් රණසිංහ සහ උදාරි පෙරේරා තමයි එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ  පෙව්වේ. මේ චිත්‍රපටය ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුණා. පස්සේ හැමෝගේම  අවධානය දිනා ගන්න උදාරිට හැකි වුණා.

ඇය උදාරි පෙරේරා ලෙස නම භාවිතා කලත් ඇයගේ සම්පූර්ණ නම ශෂිකා උදාරි පෙරේරා. ඇය මුලින්ම රැකියාව කලේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. පසුව ඇය රුපවාහිනී නිවේදිකාවක් ලෙස රැකියාව තෝරා ගත්තා. ඒත් එක්කම දැන් උදාරි ඇයගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා.

උදාරි මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදියට. පසුව ඇය ඉරාජ් සහ සංගීත් සමග 'රන් රන් රන්' ගීතයේ විඩියෝවට සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ඇය වෙළඳ දැන්වීම් සහ මියුසික් විඩියෝ සඳහා දායක වෙන්න පටන් ගත්තේ. කොහොම වුණත් දැන් කාලෙකින් ඇය කලා නිර්මාණ හරහා දකින්න ලැබුණේ  නෑ. අපි හැමෝගේම  ආදරේ දිනාගෙන ඉන්න උදාරිට අපි සුභ පතමු.......

 


සටහන - ඉසුරු M_ අතපත්තු