Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

රටට වැදගත් දෙයක් කරන්න මේ තනතුර බාරගත්තා අගමැතිතුමාගේ අලුත් සම්බන්ධීකරන ලේකම් කෞෂි

8075Views

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරන ලේකම් තනතුරට අලුතින් පත්වුණේ කවුද කියන එක මේ වෙනකොට හැමෝම හොයන කාරණයක් බවට පත්වෙලා. මේ විදියට අලුතින් අගමැතිතුමාගේ සම්බන්ධීකරන ලේකම් තනතුරට පත් වෙලා ඉන්නේ  කෟෂි වෙඩික්කාරච්චි කියන දක්ශ සුන්දර තරුණියක්.

ඉතින් ඇය ගැන විස්තර ටිකක් කියනකොට, ඇය අධ්‍යාපනය හදාරල තියෙන්නේ කොළඹ රෝයල් ඉන්ස්ටටියුට් අධ්‍යාපන ආයතනයෙන්. ඒ වගේම ඇය එංගලන්තයේ නෝර්ත් හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ඇදුම් නිර්මාණය සහ තාක්ෂණය ගැන මූලික උපාධියක් ලබාගෙන තිබෙනවා. ඉන්පසු මනෝවිද්‍යාව සහ හැසිරීමේ වෙනස්වීම් පිලිබදව කාඩියෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ඇය පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ වගේම ඇය ඇගේ රැකියාව ආරම්භ කරල තියෙන්නේ නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් විදියටයි.

මේ වනකොට විවාහක තරුණියක් වන මැයගේ ස්වාමිපුරුශයා  ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා හෙවත් දමිත වික්‍රමසිංහ මහතායි. ඉතින් ඒ වගේම මේ අලුත් තනතුර ගැන ඇය කියල තිබුනේ රටට වැදගත් දෙයක් කරන්න මේ තනතුර බාරගත්ත බවයි. ඒ වගේම ඇය කිසිඳු දිනක දේශපාලනයට පිවිසෙන්න සූදානමක් නැහැ කියලත් ඇය කියල තිබුණා. ඉතින් අපි ඇයට රටට වැදගත් සේවයක් කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතමු.....

 

 

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු