Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

උදේනි නදීකාගේ  බාල පුතා 'දනුජ ' ආදරණීය කැදැල්ල හදන්න සූදානම්

5051Views

උදේනි නදීකා කියන්නේ අපි කවුරුත් ආදරේ කරන සුන්දර, දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය ගනණාවක් ඔස්සේ රසික හදවත් හොරා ගත් ඇය මේ දින වලද විවිධ වූ ටෙලිනාට්‍ය හරහා අපිට දකින්න පුලුවන්.

අද අපි කියන්න යන්නේ වෙනමම කාරණාවක්.ඇයගේ ආදරණීය පුතා ගැන.
ඔහු දනුජ විශ්වජිත්. දනුජ කියලා කියන්නේ හුඟාක් දඟකාර වගේම කඩවසම් තරුණයෙක්. තමන්ගේම ව්‍යාපාරයක් කරන මොහු විනෝදාංශයක් විදියට මෝටර් රථ අලංකරණයේ (Car Modification)ද  යෙදෙනවා.

දනුජ ලඟදිම  විවාහ වෙන්න යන්නේ කියලයි අපිට ආරංචි වුණේ. ඉතින් අපි මේ ගැන හොයලා බැලුවා. ජනාදරී කියන්නේ දනුජගේ ආදරණීය පෙම්වතිය. නිලියක් මෙන් ලස්සන වගේම සුන්දර තරුණියක් තමයි ඇය. ඉතින් දෙන්නගේ කුරුළු කූඩුව ඉක්මනින් හදන්න තමා දනුජගේ අදහස. මොනවා වුණත් දනුජගේ සහ ජනාදරීගේ විවාහය මේ අවුරුද්දේ සිද්ද වෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.

උදේනිනම් කියන්නේ තමන්ගේ ආදරණීය පුතාට හරියනම කෙනා හම්බ වුණා කියලා. ඔවුන්ගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

දනුජ සහ ජනාදරීගේ ලස්සන පින්තූර කිහිපයක් ඔබටත් පහලින්  බලන්න පුලුවන්......

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු

ඡායාරූප - ස්ටුඩියෝ ප්‍රවීන්