Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ලෝකෙම මවිත කල උඩ පන්දුව රැකගත් සුරූපී කෙල්ල ඩියොල්

7505Views

හාර්ලීන් කෞර් ඩියොල් කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කාගේත් ආකර්ෂණය ලබා ගත්ත දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය 1998 ජූනි 21 වන දින උපත ලබා තිබෙනවා. ඇය හිමාචල් ප්‍රදේශය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.

ඇය දක්ෂිණාංශික පිතිකරුවෙකි. දකුණු අත භාවිතයෙන් දඟ පන්දු යවන ඇය ඉතා විශිෂ්ඨ ක්‍රීඩා විලාසයක් නිතරම පෙන්නුම් කරයි. 2020 ජනවාරියේදී ඇය ඕස්ට්‍රේලියාවේ පැවති 2020 අයි.සී.සී. කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඉන්දියානු සංචිතයට නම් කරන ලදී....

හාර්ලීන් සිය කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත කාන්තාවන්ට එරෙහිව 2019 පෙබරවාරි 22 වන දින මුම්බායිහි ක්‍රීඩා කල තරුණියකි. ටානියා භාතියෙන්ගෙන්  පසු ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ දෙවන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවද ඇයයි.

හාර්ලීන් 2019 මැයි 6 වන දින සුපර්නෝවාස්ට එරෙහිව ට්‍රේල්බ්ලේසර්ස් වෙනුවෙන් කාන්තා අයි.පී.එල්. ටී -20 අභියෝගය ආරම්භ කළ අතර ඇය ලකුණු 100 ක හවුල්කාරිත්වයකට ද දායක වුණා......

තරුණයන්ගේ ආකර්ෂණය දිනූ අවුරුදු 23 වන ඇයගේ සුරූපී බව මේ ජායාරූප පෙලින් තවත් විදහාපාන කරුණකි........

 

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු