Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ගෝලීය උණුසුම අවම කිරීමට රුක් රෝපනය කළ මිෂෙල් දිල්හාරා

4768Views

ශ්‍රී  ලංකාවේ කොරියානු තානාපතිතුමන් වන Santhush Woonjin JEONG මහතා සමඟ රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා, දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම අවම කිරීම යන තේමාවට සමගාමීව ජූලී මස පළමු වන දින රුක් රෝපන වැඩසටහනක් කොරියානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූවා.

 එහිදී ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන "නා වෘක්ෂය" කොරියානු තානාපති තුමා සහ මිෂෙල් දිල්හාරා විසින් රෝපනය කරනු ලැබුවා. 

"Green Embassy" යන සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම "Go Green Embassy" වැඩසටහන Net Zero Carbon නැත්නම් කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) යන තේමාව යටතේ  පරිසරයට හානී කරන හරිතාගාර වායු (greenhouse gases) වන කාබන්ඩයොක්සයිඩ්, මීතේන්  සහ නයිට්‍රජන් වායු විමෝචනය අවම කිරීම ඔහුන්ගේ මූලික අරමුණයි. 

ලෝකයේ දැනට ක්‍රියාත්මක වන විශාලතම පාරිසරික සංවිධානයක් වන Earth Day Network ආයතනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මිෂෙල් දිල්හාරා කටයුතු කරනු ලබනවා. 

මිෂෙල් දිල්හාරා පසුගිය දින වලදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රුක් රෝපන වැඩසටහන් සහ මාර්ග ගත දේශන රැසක් ද පවත්වනු ලැබුවා.     

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ ද  දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම සම්බන්ධයෙන් දේශන මාලා පවත්වා තිබුණා.