Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

මම ගොඩක්ම බය වුණේ මගේ බිරිඳ ගැන...... භාතිය ජයකොඩි

12575Views

ශ්‍රී ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගත්ත යුවලක් තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ. 1998 වසරේ ඉඳලම භාතිය සහ සන්තුෂ් කියන නම් දෙක ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ගීත ඇල්බම් ගණනාවක්ම ලාංකේය රසික රසිකාවියන්ට දායාද කල ඔවුන් තරුණියන්ගේ ආදරේ දිනාගන්න සමත් වුණා.

 භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යුවල පිලිබඳ බොහෝ අය හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ දෙන්නා අයියා - මල්ලි කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ දෙදෙනා ගොඩක් හොඳ යහළුවන්. මේ දවස් වල පවතින කණගාටු දායක තත්වයට මේ දෙන්නත් ගොදුරු වුණා.

ඉතින් ඒ අත්දැකීම ගැන භාතිය ජයකොඩි අපි එක්ක කිවුවේ මේ වගේ කතාවක්.......

 " මම මේ දවස් වල කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. පසුගිය කාලය නම් මම ගත කලේ ගොඩක් අමාරුවෙන්. කොහොම වුණත් මගේ රසික රසිකාවින්ගේ ආශිර්වාදයෙන් මම සනීප වුණා. මම විතරක් නෙවෙයි මගේ බිරිඳත් මේ තත්වයට ගොදුරු වුණා. වාසනාවට ඇයට මට තරම් අමාරු වුණේ  නෑ. අපිට අපහසුතා ඇතිවී ගෙන එද්දී අපේ දුව අම්මලාගේ ගෙදර යැව්වා. ඒ නිසා ඇය බේරුණා. මම ගොඩක්ම බය වුණේ මගේ බිරිඳ ගැන......"

 

 

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු