Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඔලිම්පික් තරඟ විනිශ්චයක් සදහා ඉතිහාසයේ ප්‍රථම වතාවට තේරුණු පොලිස් පරීක්ෂකවරිය

1826Views

2021 ටෝකියෝ නුවර පැවැත්වෙන  ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා බොක්සිං විනිසුරුවරියක ලෙස ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත් වී තිබෙනවා. ඇය නමින් නෙල්කා ශිරෝමාලා යි.

ඇය ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයෙන්  උපන්නියක් වන අතර 1997 දී ශ්‍රී ලංකා පොලිසියට පුහුණු උප පරීක්ෂකවරියක් ලෙස සම්බන්ධ වුණා.

2021 වසරේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වූ ප්‍රථම කාන්තා පොලිස් බොක්සිං ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

2001 වසරේ සිටම විවිධ තරඟාවලි හරහා බොක්සිං ජයග්‍රහණ රැසක් ඇය දිනා ගෙන තිබෙනවා.එමෙන්ම වසර 05ක කාලයක් අඛණ්ඩව දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙසද ඇය තේරී පත් වී තිබෙනවා.

2009 වසරේ දී පලමු වරට ශ්‍රී ලංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරඟ තීරක වශයෙන් පත් වූ ඇය 2011 වසරේ පලමු පෙල ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවා.

2011 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කල පලමු කාන්තා විනිසුරුවරිය වන්නේ ද ඇයයි.මෙම නිලධාරිනිය ඉහත තරඟාවලියේදී දැක්වූ දක්ෂතා මත 2011 වසරේදී  ලන්ඩන් නගරයේ පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති අතර එහි දෙවන දිනම අන්තර් ජාතික දෙවන පෙල විනිසුරුවරියක ලෙසද උසස්වීම් ලැබුවා.

2013 වසරේ ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර් ජාතික තුන්වන පෙල විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබූ ඇය බොක්සිං විනිසුරු දිවියේ ලැබූ ඉහලම තලය ලබා ඇති දක්ෂ නිලධාරිනියක්.

ඇයගේ අනාගතයට අපි හැමෝගේම ආශිර්වාදය......


සටහන - ඉසුරු M_ අතපත්තු