Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

නිවේදන වෘත්තියයි ප‍්‍රසංග වේදිකාවේ කථනයයි කියන්නෙ හාත්පසින්ම වෙනස් කටයුතු දෙකක්..... සුරංගි කොඩිතුවක්කු

3354Views

නිවේදිකාවක් ලෙස ශ‍්‍රාවකයන්ගේ ආදරය දිනා ගන්න වරම් ලැබූ ඇය අද දවසේ එකී ශ‍්‍රාවකයන්ම තම රංගන හැකියාව ඔස්සේ නෙත් සිත් වසඟ කරගනිමින් පේ‍්‍රක්‍ෂකයන් බවට පත්කර ගෙන හමාරය. ඇය නමින් සුරංගි කොඩිතුවක්කු.

සුරංගි ක්‍ෂේත‍්‍රයට එන්නෙ නිවේදිකාවක් විදියට...

" ඔව්. ඒක ඇත්ත. ඒක  සිද්ධ වෙන්නේ  මෙහෙමයි. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර පුෂ්පදාන බාලිකාවේ. සාමාන්‍ය පෙළ පංතියේ දී තමයි නිවේදන කටයුතු වලට මුලපුරන්නේ. එ්ත් ශිෂ්‍යාවක් විදියට මට පාසලෙන් පිටතදී නිවේදන කටයුතු වලට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ  නෑ. උසස් පෙළින් පස්සෙ මම යොමු කරපු අයදුම් පතකට අනුව එක්තරා මාධ්‍ය  නාලිකාවක සහාය නිෂ්පාදිකාවක් විදියට මට සේවයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා."

" ඕනම කෙනෙක් තම තමන්ගෙ හිත්වල තියෙන ආශාවල් බලාපොරොත්තු සපුර ගන්න වැඩියෙන් කැප වෙනවා. එ් අනුව නිවේදිකාවක් වීමේ සිහිනය සැබෑ කරගන්න මම කැපවුණා..."

එලෙස ඇරඹූ ගමන් මග හරහා සුරංගි කොඩිතුවක්කු නාමය ප‍්‍රසංග වේදිකාවටත් ඇය රැගෙන යනවා.

" නිවේදන වෘත්තියයි ප‍්‍රසංග වේදිකාවේ කථනයයි කියන්නෙ හාත්පසින්ම වෙනස් කටයුතු දෙකක්. එ්ත් කාලයක් යද්දී මම ලබපු පළපුරුද්දත් එක්ක ප‍්‍රසංග වේදිකාව ජය ගත යුතුයි කියන තැනට මම  ආවා. අද දවසේ මට ප‍්‍රසංග වේදිකාව තුළත් බොහෝ ආරාධනා තියෙනවා."

ප‍්‍රගුණ කළ නිවේදන හැකියාව බොහොම නිර්ලෝභීව මතුපරපුරට දායාද කරන්නත් ඔබ වෙහෙසෙනව කියලා ආරංචියක් ලැබුණා. එ් ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්....

" මගේ ජීවිතේ තිබුණ සිහිනයක් තමයි එ්ක. එ් අනුව හඬ නිවේදන පුහුණු පාසල ආරම්භ කරල ලබන අගෝස්තු මාසය වෙනකොට වසර 02 ක් ගත වෙනවා. වයස් භේදයකින් තොරව එ් පාසලේදී හඬ පාලනය වගේම නිසි ලෙස ඉදිරිපත් කිරීම මම උගන්වන්නෙ හරිම සතුටින්."

 

 

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු