Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

මම කිරි බොන්න හුඟාක් ආසයි.... ඩිශ්නි කියන අලුත් කතාව

6586Views

කළා ලෝකයේ දඟකාර, කටකාර චරිතයක් තමයි ඩිශ්නි රාජපක්ෂ කියන්නේ. නිරූපන ශ්ල්පිනියක් ලෙස කළා ලෝකයට පැමිණි ඇය මේ වනවිට ටෙලිනාට්‍ය වගේම සිනමාපට ගණනාවකටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඩිශ්නිගේ ගම කුරුණෑගල. ඇය ගමේ ඉන්න කාලේ ගැන කියන්නේ මේ වගේ කතාවක්.....

" පුංචි කාලේ මම ගොඩක් දඟයි. 2 වසරට යනකන් අපි කුරුණෑගල හිටියේ. මම ඒ ගමට තාමත් ගොඩක් ආසයි. මගේ තාත්තා ඒ කාලේ මාත් එක්ක මගේ වයසේ කෙනෙක් වගේ සෙල්ලම් කළා. ඒ කාලෙට ආයේ යන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි "

ඩිශ්නි කියන්නේ ගොඩක් ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ඩිශ්නි කැමති විලාසිතා පිලිබඳ අය කියන්නේ මේ වගේ කතාවක්......

" මම කොටට අඳින්න ගොඩක් ආසයි. කොට කලිසමට ස්කිනියක් අඳින්න ආසයි. ඒ වගේම කොට ගවුම් අඳින්නත් ආසයි. ඒ තමයි මගේ තේරීම....."

ඩිශ්නි වැඩිපුරම කන්න ආස කෑම ගැන කියන්නේ මේ වගේ කතාවක්.....

" කෑම වලදී මම මුල්තැන දෙන්නේ අයිස් ක්‍රීම් වලට. බීම නම් මම කිරි බොන්න ආසයි. දැන්නම් මම නිතරම වතුර සහ පළතුරු යුෂ බොනවා....."

ඇයගේ ඉදිරි ගමනට අපෙන් සුභ පැතුම්.......!

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු