Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ලංකාවට තවත් ජයග්‍රහණයක්

6620Views

ලංකාවේ  ජාතික ක්‍රිඩාව මොකක්ද කියලා ඇහුවෝත් ගොඩාක් දුරට සැම කෙනෙක්මකියන්න උත්සහ  දරාවී..ක්‍රිකට්  කියලා එයට හේතුව වෙන්නේ..ඒ තරමට ක්‍රිකට්  ලංකාවේ  ජනප්‍රියත්වයට  පත්ව තිබීමයි .හැබැයි ලංකාවේ  ජාතික ක්‍රිඩා  වොලිබෝල්  ජාතික ක්‍රිඩාව මේ වන විට ප්‍රචලිත වෙමින් හා ජයග්‍රහණය බොහෝමයක් ජාතික වශයේන් ලබා ගෙන තිබෙනවා..

කොහොම නමුත් ලංකාවේ වැඩිය ජනප්‍රිය නැති ලෝකේ ගොඩක් රටවල් වල ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි අශ්වාරෝහක ක්‍රීඩාව කියන්නේ. ඉතින් ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවුනත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩිකාවක් ලංකාවේ ධජය අතැතිව ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වෙනවා

 

        ඇය තමයි මැටිල්ඩා කාර්ල්සන් කියන්නේ. වර්තමානයේ ස්වීඩනයේ ජීවත්වන ඇයව කුඩා කාලයේ සිට හදාවඩා ගන්නේ ස්වීඩනයේ දෙමාපියන් යුවලක් විසිනුයි. ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ කතාවක් ” ස්වීඩනයේ දෙමාපියන් යුවලක් තමයි මාව හදාගත්තේ. ඒ අය මට කිවුවා මම ඉපදුනේ ලංකාවේ මහනුවර කියලා, ඉපදිලා මාස තුනකින් වගේ තමයි මාව ගෙනත් තියෙන්නේ” කියලයි. කොහොමහරි ඉතින් ලංකාවේ ඉපදිලා මාස තුනක් වගේ පොඩි කාලයකින් ස්වීඩනයට ගිය ඇය වර්තමානය වනවිට ලංකාව නියෝජනය කරන්නට ඔලිම්පික් වරම් දිනාගෙන තියෙනවා


       ඉතින් ඒ ගැනනම් ඇය කියන්නේ මේ වගේ කතාවකුයි ”ඇත්තටම ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා තමයි මම ඔලිම්පික් සිලේක්ට් වෙලා කියලා  දැනගත්තේ. ඇත්තටම මට අදහා ගන්න බැරිවුණා මේ පණිවිඩය ලැබුණාම. ඉතින් ඒ සුබ පණිවිඩය නව වසරේදී ශ්‍රී ලාංකිකයන්ටත් තිළිණ කරන්න මට පුළුවන් වුනා.
අශ්වයන් කිහිපදෙනෙක්ම මම තරග සඳහා යොදා ගන්නවා. ඔලිම්පික් වරම් ලැබුවේ ‘චොපි’ කියන අශ්වයා. චොපිට දැන් වයස අවුරුදු 10ක්. එයා ‘ස්ටැලියන් හොල්ට්ස්’ ගණයේ කෙනෙක්. මේ වගේ අශ්වයෙක් සාමාන්‍යයෙන් යූරෝ මිලියන 6ක් විතර වෙනවා. ඒ වගේ අශ්වයන් 15 දෙනෙක් මගේ ළඟ ඉන්නවා.” කියලයි ඇය කියලා තිබුනේ

                           ඉතින් එලෙස ලංකාවට කීර්තියක් අරගෙන එන ඇය ඇය උපන් ශ්‍රී ලංකාව පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම ඉපදුනේ ලංකාවේ මම ලංකාවට ගොඩක් ආසයි. නමුත් මාව බලාගත්ත ස්වීඩනයේ දෙමාපියන්ටත් ගොඩක් ආදරෙයි. මොකද මම අද මේ වගේ තැනක ඉන්නේ ඒ අය නිසාවෙනුයි. මම කවදාවත් ලංකාවේ දෙමාපියන්ව හමුවෙලා නෑ. නමුත් මම ලංකාවට ආදරෙයි දැන් මගේ එකම බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එකයි” කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් අපි ඇයට අපි සුභ  පතමු මේ අපේ රටට අයිති සම්පත් රුක ගැනිම අප සතුයී....විතර අන්තර්ජාලයෙන්


සටහන :දුලාන් දිසානායක