Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

රේගුවෙන් රජයට අහිමි වූ කෝටි හයක පාඩුව

1768Views

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද හෝ සකස් කරන ලද වාහන දහයක් ලියාපදිංචි කිරීමෙන් රුපියල් කෝටි 6 කට අධික බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ දැක්වෙනවා.


මේ ගැන රේගු පරීක්ෂණය කඩිනමින් අවසන් කර ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව රේගු ප්‍රධානීන්ට උපදෙස්ද දී ඇතැයි  එම වාර්තාවේ සඳහන් වෙනවා.

කමිටුව මේ සම්බන්ධයෙන් රේගු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇති අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේදී ව්‍යාජ සටහන් යොදාගෙන ඇති බවයි.