Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

රටට අවශ්‍යව ඇත්තේ මානුෂීය ආණ්ඩුවක්

557Views

රටට අවශ්‍යව ඇත්තේ මානුෂීය ආණ්ඩුවක් මිස අමානුෂීය ආණ්ඩුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“ධීවර ප්‍රජාව වෙනුවෙන්“ විපක්ෂ නායක සජිත් මීගමුවට. (02) මීගමුව සතිපොළ පරිශ්‍රයේදී පැවැති ධීවර ප්‍රජාවගේ විරෝධතාවයට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජීත් ප්‍රේමදාස මහතා...

මේ ප්‍රදේශය ගත්තොත් අපි හැමෝම දන්නවා එක්ස්ප්‍රස් පර්ල් ඒ නැව ගිනිබත් වීම තුල බරපතල පරිසර හානියක් සිදුවී තිබෙනවා.ඒ වගේම මත්ස්‍ය සම්පතට දැවැන්ත හානියක් සිද්ධ වෙලා මේ වනවිට ධීවර ජනතාව ගැටලු රාශියකට ලක් වෙලා තියනවා,
ධීවර රක්ෂාව කරන ජනතාව කවදාවත් සහනාධාර වලින් යැපුනේ නෑ.ඒ ඇත්තෝ තමන්ගේ ධීවර රැකියාව කරගෙන කාටත් බරක් නැතුව රටටත් ආණ්ඩුවටවත් ජනතාවටත් බරක් නැතුව ජීවිකාව කරගෙන ගියා.

නමුත් අද වෙනකොට තත්වේ මොකක්ද ධීවරයන්ට ලබා දෙනවා කියපු වන්දිය කට වචනෙට සීමා වෙලා.කිසිම වන්දියක් දීලා නැහැ. මේ වනවිට අපිට පේන දේ තමයි, ලංකා ආණ්ඩුව  එක්ස්ප්‍රස් පර්ල් නැවේ හාම්පුතුන්ට යට වෙලා.නැවේ රක්ෂණ සමාගම තමයි තීන්දු කරන්නේ අන්තර් කාලීනව ලබාදෙන වන්දි මුදල.

මිත්‍රවරැණි රටට අවශ්‍යය මානුශීය ආණ්ඩුවක් හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් ජනතාවට වැඩක් කරන්න පුලුවන් ආණ්ඩුවක් අපි හැමෝටම පේනවා සමගි ජනබලවේගයේ කාලය එනවා දැන් ළඟ ළඟ එනවා.
ජනබලයෙන් ජනසවියෙන් ජනශක්තියෙන් අපේම ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවනකොට දුකට පත් වී සිටින මීගමු බලප්‍රදේශයේ පමණක් නොවෙයි,මේ මුලු වැල්ලම ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතභාවය අපි සලසනවා.ඒ වගේම ගොවිජනතාව කම්කරු ජනතාව දුප්පත් ජනතාව මධ්‍යයමපාන්තික ජනතාව ඒ වගේම අද මහපාරට බැහැලා තියන ගුරු පරපුර අධ්‍යයාපනය හරියට ක්‍රියාත්මක නොවන නිසා අසරණ වී සිටින සිසු පරපුර මේ හැම දේනාම අපි රැක බලා ගන්නවා

ඒ නිසා තමුන්නාන්සේලා සමගි ජනබලවේගය කෙරෙහි විශ්වාසය තබන්න.